2022 ජුලි 31 වන ඉරිදා

ඉන්දීය ණය සාකච්ඡා ලබන සතියේ නැවතත්

 2022 ජුලි 31 වන ඉරිදා, පෙ.ව. 08:01 167

රාජ්‍ය තාන්ත්‍රික වාර්තාකරු l

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ලංකාවට ඉන්ධන සපයා ගැනීම සඳහා ඉල්ලා ඇති ඩොලර් මිලියන 500ක ණය මුදල සහ ඩොලර් බිලියන 1ක (කෝටි 100ක) විනිමය හුවමාරු පහසුකම ලබාගැනීම සඳහා ලබන සතියේ නැවතත් සාකච්ඡා ආරම්භ කිරීමට නියමිත බව නවදිල්ලි ආරංචි මාර්ග කියයි.

ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මියට කොවිඩ් රෝගය වැළඳීම නිසා සාකච්ඡා කල් ගියේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා මෙම සාකච්ඡාවට සහභාගි වෙයි. එරට විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා ද මොරගොඩ මහතා මුණගැසීමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වෙයි.