2022 ජුලි 24 වන ඉරිදා

මැතිසබයේ සැබෑ ජන මතය නැහැ: වහා මහ ඡන්දයක් ඕනෑ - රන්ජිත් මද්දුමබණ්ඩාර

 2022 ජුලි 24 වන ඉරිදා, පෙ.ව. 08:01 67

දේශපාලන වාර්තාකරු l

පසුගියදා ජනාධිපතිවරයා තෝරාගැනීමේදී පාර්ලිමේන්තුවේ දැකගන්නට ලැබුණේ රටේ සැබෑ ජන මතය නොවේ. එය 2019 වසරේ පොහොට්ටුවට තිබූ ජන මතයයි. එනිසා රටේ සැබෑ ජන මතය දැනගන්නට වහාම මහ මැතිවරණයකට යා යුතු බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා දේශයට කීය. 

නව ආණ්ඩුවක් පත්කිරීමේදී චෝදනා ලත් දූෂිත තැනැත්තන් ඉවත් කර ජනතා පිළිගැනීමක් ඇති උදවිය තනතුරුවලට පත් කළ යුතු බව අවධාරණය කළ මහ ලේකම්වරයා අලුත් ආණ්ඩුව දැනට අගාධයට ගොස් ඇති රට ගොඩගැනීම සඳහා ගනු ලබන යහපත් ක්‍රියාමාර්ගවලට සහාය පළ කරන්නේ යැයිද පැවසීය.