2022 ජුලි 10 වන ඉරිදා

ඇමැතිවරයා පගා ඉල්ලුවාදැයි මැතිසබා කමිටුවකින් පරීක්ෂණයක්

 2022 ජුලි 10 වන ඉරිදා, පෙ.ව. 08:02 179

දේශපාලන වාර්තාකරු I

ජපානයේ (තායිසේ) සමාගම ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියකින් කිසියම් අමාත්‍යවරයකු අල්ලස් මුදලක් ඉල්ලුවේද යන්න ගැන විශේෂ පාර්ලිමේන්තු කමිටුවක් මගින් පරීක්ෂණයක් කිරීමට රජය තීරණය කර ඇත. ජ්‍යෙෂ්ඨ අමාත්‍ය පිරිසකගෙන් සමන්විත පරීක්ෂණ කමිටුවක් මේ සඳහා පත්කිරීමට නියමිතය.

මෙම අල්ලස් චෝදනාව එල්ල වූ පසු වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ. එල්ලවන චෝදනා සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයකට ඉඩ සලසමින් තමන් තනතුරින් ඉවත් වන බව හෙතෙම ප්‍රකාශ කර තිබිණි.

(තායිසේ) අල්ලස් සිද්ධිය ගැන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී මුල්වරට හෙළිදරව් කළේය. අනතුරැව රජය මේ ගැන මූලික විමර්ශනයක් කරනු ලැබීය. ජපානයේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයකු මාර්ගයෙන් කොළඹ ජපාන තානාපති කාර්යාලයෙන් මෙම සිද්ධියේ සත්‍ය අසත්‍යතාව ජනාධිපතිවරයා විසින් විමසා බලා ඇත. එහිදී එම විමසීමේදී ලැබුණු තොරතුරැ අනුව පරීක්ෂණයක් කිරීමටත් එයට පෙර අමාත්‍ය නිමල් සිරිපාලට ඉල්ලා අස්වන ලෙසත් ජනාධිපතිවරයා නියම කර තිබිණි.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00