2017 මැයි 13 වන සෙනසුරාදා

උතුරු - නැගෙනහිර අධවේගී පාරකට ඉන්දියාවෙන් යෝජනා

 2017 මැයි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 271


උතුරු පළාත් සහ නැගෙනහිර පළාතේ දිස්ත්‍රික්ක හතරක් යා කෙරෙන අධිවේගී මාර්ගයක් සැකසීම සඳහා වූ යෝජනාවක් ඉන්දියානු රජය විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත යෝජනා කර ඇතැයි උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා දේශයට පැවසීය.

එම යෝජනාව අනුව ත්‍රිකුණාමලය, වව්නියාව, මන්නාරම සහ යාපනය යන දිස්ත්‍රික්ක යා කෙරෙන පරිදි ඉදිකිරීමට මෙහිදී කතාබස් වී ඇතැයි හෙතෙම සඳහන් කළේය. එහෙත් එය සිදුකරනවාද නැද්ද යන්න සම්බන්ධව නිශ්චිත තීරණයක් තවමත් රැගෙන නැතැයිද අමාත්‍යවරයා කීය.

l ගයාන් ගාල්ලගේ