2022 ජුනි 19 වන ඉරිදා

අලුත් දේශපාලන පක්ෂ - සන්ධාන 7ක්

 2022 ජුනි 19 වන ඉරිදා, පෙ.ව. 08:00 77

I දේශපාලන වාර්තාකරු

ඉදිරි මැතිවරණ ඉලක්ක කරගෙන අලුත් දේශපාලන පක්ෂ සහ සන්ධාන 7ක් පමණ විවිධ දේශපාලන නායකයන් විසින් නිර්මාණය කරමින් සිටින බව දේශයට වාර්තා වෙයි. මෙයින් ප්‍රධානම සන්ධාන දෙකට නායකත්වය සපයන්නේ හිටපු අමාත්‍යවරුන් වන චම්පික රණවක සහ ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන් බව වාර්තා වෙයි.

මෙම සන්ධාන අතර නව දේශපාලන පක්ෂ නිර්මාණය කරනු ලබන්නේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ආචාර්ය සරත් වීරසේකර සහ රොෂාන් රණසිංහ යන මැති ඇමැතිවරුන්ය.

මේ සියලු දෙනාට අමතරව පසුගියදා රජයට සහාය දීමට එක්වූ හරින් ප්‍රනාන්දු මහතා සහ ගාලුමුවදොර සර්ව පාක්ෂික අරගලකරැවන්ද නව දේශපාලන සන්ධාන දෙකක් නිර්මාණය කරමින් සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00