2022 ජුනි 19 වන ඉරිදා

සීනි සහ තිරිඟු පිටිත් ඉන්දියාවෙන්?

 2022 ජුනි 19 වන ඉරිදා, පෙ.ව. 08:00 41

I දේශපාලන වාර්තාකරු

ආහාර හිඟය නිසා මේ වනවිට ඉන්දියාවෙන් අපනයනය තහනම් කර තිබෙන තිරිඟු පිටි සහ සීනි ශ්‍රී ලංකාවට ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා රජය ඉල්ලීමක් ඉදිරිපත් කොට තිබේ.

ශ්‍රී ලංකාවට ලබාදුන් ඉන්දීය ණය සහන ක්‍රමය යටතේ ඩොලර් මිලියන 170ක් වටිනා සීනි සහ තිරිඟු පිටි ලබාදෙන ලෙස රජය කළ ඉල්ලීමේ සඳහන්ය.

අපනයනය තහනම් කළ භාණ්ඩ විදේශ රටකට අලෙවි කිරීම සඳහා රජයේ විශේෂ අනුමැතියක් අවශ්‍ය බැවින් එරට ආහාර අමාත්‍යවරයා, මුදල් අමාත්‍යවරයා, විදේශ අමාත්‍යවරයා සහ රජයේ ප්‍රධාන ආර්ථික උපදේශකවරයා ඊට අදාළ අනුමැතිය ලබාදීම ගැන අද හෙටම විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව නවදිල්ලි ආරංචි මාර්ග කියයි.