2022 ජුනි 12 වන ඉරිදා

නව සන්ධානයකට තිරය පිටුපස සාකච්ඡා

 2022 ජුනි 12 වන ඉරිදා, පෙ.ව. 10:00 77

I ගයාන් ගාල්ලගේ

පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසකගේ එකතුවෙන් නව සන්ධානයක් නිර්මාණය කිරීම සඳහා මේ දිනවල තිරය පිටුපස තීරණාත්මක සාකච්ඡාවක් සිදුකෙරෙමින් පවතින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පක්ෂයේ කණ්ඩාමක්, සමගි ජන බලවේගයේ පිරිසක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක්, දැනට ආණ්ඩුවෙන් වෙන්ව සිටින පිරිසක් මේ සාකච්ඡාව සිදුකෙරෙමින් පවතින බව දැනගන්නට ඇත.

සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, මහින්ද අමරවීර, පාඨලී චම්පික රණවක, චරිත හේරත්, හරීන් ප්‍රනාන්දු, මනූෂ නානායක්කාර ඇතුළු ඇමැති කණ්ඩායමක් මෙම සාකච්ඡාවේ නිරත වෙමින් සිටින බව එම ආරංචි මාර්ග පවසයි. කණ්ඩායමේ නායකත්වය සඳහා ද නම් පහක් යෝජනා වී ඇත. එහෙත් පිරිසක් මෙම සන්ධානය දැන්ම පිහිටුවීම සම්බන්ධයෙන් විරෝධය පළ කර ඇතැයි වාර්තා වෙයි.