2022 ජුනි 12 වන ඉරිදා

19 දිය කරන 21කට සජබ සහාය නෑ

 2022 ජුනි 12 වන ඉරිදා, පෙ.ව. 10:00 47

I ගයාන් ගාල්ලගේ

21 වැනි ව්‍යවස්ථා සංශෝධනය 19 ප්ලස් නොවී 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය දියාරැ කරන්නේ නම් කිසිසේත් ඊට සහයෝගය ලබා නොදෙන බව සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා දේශයට පැවසීය.

21 ව්‍යවස්ථා සංශෝධනය හරහා අවම වශයෙන් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක විය යුතු බවත් එය 19 ටත් වඩා පුළුල් වූවා නම් වඩාත් හොඳ බවත් ඔහු සඳහන් කළේය.

එහෙත් 21 හරහා ජනාධිපතිවරයා ආරක්ෂා කර ජනාධිපතිවරයාට ඇමැතිකම් ලබාදීමේ ක්‍රමයක් ක්‍රියාත්මක කරමින් සිටින බැවින් ඊට සහයෝගය ලබා නොදෙන බව හෙතෙම සඳහන් කළේය.