I දේශපාලන වාර්තාකරු
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු ඡන්දය හමාරවන තෙක් රාජ්‍ය ඇමැතිවරුන් පත්කිරීමක් සිදු නොකිරීමට රජය තීන්දු කර ඇත.
ඊට පෙර රාජ්‍ය ඇමැතිවරැන් පත් කළහොත් තනතුරු අපේක්ෂා කරන ඇතැමුන්ගේ සිත් රිදීම් ඇතිවී එය 21 වැනි සංශෝධනය සම්මත කර ගැනීමට අහිතකර ලෙස බලපාන බැවින් රජය මෙම තීන්දුව ගෙන ඇතැයි වැඩිදුරටත් සඳහන්ය.