2022 ජුනි 12 වන ඉරිදා

ඉන්දියාවෙන් මාස 06 කදී ඩොලර් බිලියන 06ක්

 2022 ජුනි 12 වන ඉරිදා, පෙ.ව. 10:01 151

I දේශපාලන වාර්තාකරු

ගතවූ මාස 6ක පමණ කාලය තුළ ඉන්දීය රජය මෙරට විවිධ කාර්යයන් සඳහා අමෙරිකානු ඩොලර් කෝටි 600 (ඩොලර් බිලියන 6 ක) පමණ සහන ණය මුදලක් ලබා දී ඇති බව ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග කියයි.

මෙයින් වැඩිම කොටස ලබා දී ඇත්තේ මාස තුනක පමණ කාලයක් මෙරටට ඉන්ධන සැපයීම වෙනුවෙනි. ඉතිරි මුදල් වෙන්කර ඇත්තේ ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඖෂධ හා ගෑස් ආදිය ලබාගැනීමටයි. මෙයට අමතරව ආසියානු රටවල් ගණනාවකට ශ්‍රී ලංකාව විසින් ගෙවිය යුතු සාමූහික ණය පියවීමද ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දීය රජය භාරගත්තේය. මේ සියලු ණය මුදල් එකතු වනවිට ඩොලර් කෝටි 600 ක් පමණ වන බව වාර්තා වෙයි.