2022 ජුනි 05 වන ඉරිදා

තවත් මැති - ඇමැති පිරිසකට අල්ලස් නඩු

 2022 ජුනි 05 වන ඉරිදා, පෙ.ව. 10:00 492

I අධිකරණ වාර්තාකරු

හිටපු අමාත්‍යවරුන් තවත් ගණනාවකට එරෙහිව අල්ලස් දූෂණ කොමිසම වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹ මහාධිකරණයේ නඩු පැවරීමට තීන්දු කර ඇත.එම හිටපු අමාත්‍යවරුන් වන්නේ රෝහිත අබේගුණවර්ධන, එස්.එම්. චන්ද්‍රසේන, කෙහෙළිය රඹුක්වැල්ල, රවි කරුණානායක යන අයයි. පසුගිය සතියේ තවත් හිටපු අමාත්‍යවරයකු වන ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව අල්ලස් දූෂණ කොමිසම මගින් නඩු පවරනු ලැබීය.

ඉහත නම් සඳහන් හිටපු අමාත්‍යවරුන් සමහර දෙනකුට එරෙහිව මෙයට පෙර අල්ලස් කොමිසම අධි චෝදනා මත නඩු පවරන ලද නමුත් තාක්ෂණික හේතු මත එම නඩු ගණනාවක් ඉල්ලා අස්කර ගන්නට සිදුවිය. 

එසේ ඉල්ලා අස්කරගත් නඩුත් පසුගිය කාලයේ සිදු කළ පරීක්ෂණ අනුව පැවරෙන අලුත් නඩු කිහිපයකුත් මේවා අතර වන බව සඳහන්ය. අයථා ලෙස වත්කම් රැස්කිරීම, දූෂිත ටෙන්ඩර් ගනුදෙනු ආදී අධි චෝදනා මේ අයට එරෙහිව ඉදිරිපත් කෙරෙනු ඇති බව එම කොමිසමේ නීති අංශ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.