2022 මැයි 29 වන ඉරිදා

දේශබන්දුගේ ස්ථාන මාරුව - පොලිස්පතිගෙන් නීතිපතිට රහස්‍ය ලිපියක්!

 2022 මැයි 29 වන ඉරිදා, පෙ.ව. 10:00 462


ආරක්ෂක වාර්තාකරු I

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව නීතිපතිවරයාට ලැබී ඇති චෝදනා සහ පැමිණිලි තමන් වෙත ලබාදෙන ලෙස ඉල්ලමින් පොලිස්පතිවරයා විසින් නීතිපතිවරයාට රහසිගත ලිපියක් යොමුකර ඇතැයි නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.

පොලිස්පති විසින් එම ලිපිය නීතිපතිට යොමුකර ඇත්තේ පසුගිය මැයි 9දා කොළඹදී සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණවලට බලපෑම් සිදුවිය හැකි බැවින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කොළඹින් බැහැරට මාරු කරන ලෙස දන්වමින් නීතිපති විසින් පොලිස්පතිට යොමුකළ ලිපියට පිළිතුරු ලෙසය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ ස්ථාන මාරු සිදුකරන්නේ පොලිස්පතිවරයා විසින් නොවේ. රාජ්‍ය සේවා කොමිසම (P.S.C) විසිනි. ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් මහතාට ස්ථාන මාරුවක් ලබාදෙන ලෙස එම කොමිසමෙන් ඉල්ලීමක් කළ යුත්තේ ප්‍රමාණවත් හේතු සාධක සඳහන් කරමිනි. එනිසා අදාළ තොරතුරු පොලිස්පති විසින් නීතිපතිගෙන් ඉල්ලා ඇතැයි නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.