දේශපාලන වාර්තාකරු I
ඉන්දීය ණය සහන ක්‍රමය යටතේ ලබන 25දා තවත් ෙපට්‍රල් නැවක් කොළඹට පැමිණීමට නියමිතය. පසුගිය 19දා ද ෙපට්‍රල් නැවක් පැමිණියේය. එයට අමතරව ඩීසල් තොග රැගත් නෞකා දෙකක් මෙම මස 28 සහ 29 දෙදින තුළ ශ්‍රී ලංකාවට පැමිණෙයි. ඒ සමඟ ඉන්දීය ණය සහනාධාරය යටතේ ලැබුණු ප්‍රථම තෙල් තොග පැමිණීම හමාර වීමට නියමිතය. මෙහි දෙවැනි පියවර ලෙස ජූනි මාසය සඳහා අවශ්‍ය ෙපට්‍රල් හා ඩීසල් තොග ලබාගැනීමට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා එරට මුදල් ඇමැතිනී නිර්මලා සීතාරාමන් මහත්මිය සහ ඛනිජ තෙල් ඇමැති හර්දිප් පුරි සමඟ සාකච්ඡා ආරම්භ කර ඇත.
මෙම සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ලබන මාසය සඳහාත් ශ්‍රී ලංකාවට ඉන්ධන සැපයීමට අමෙරිකානු ඩොලර් මිලියන 500ක ණය පහසුකමක් අනුමත කෙරෙනු ඇතැයි නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
ශ්‍රී ලංකාවේ මාසික ඉන්ධන අවශ්‍යතාවය සපුරාලීමට අමෙරිකානු ඩොලර් මිලියන 470ත් 500ත් අතර (ඉන්ධන මිල අනුව) මුදලක් අවශ්‍ය කෙරේ.
ඉන්දියාව දැනටමත් ශ්‍රී ලංකාවට ඉන්ධන ලබාදීම සඳහා ඩොලර් මිලියන 700ක පමණ ණය සහනයක් සපයා ඇත.