2022 මැයි 15 වන ඉරිදා

ඉන්දියාවෙන් යූරියා ටොන් 65,000ක් එයි

 2022 මැයි 15 වන ඉරිදා, පෙ.ව. 10:00 51

රාජ්‍ය තාන්ත්‍රික වාර්තාකරු l

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත යූරියා මෙට්‍රික් ටොන් 65,000 දින දහයක් තුළ වාර දෙකකට මෙරටට ලබා දීමට ඉන්දීය රජය තීරණය කර ඇතැයි රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග කියයි.

දැනට ඉන්දියාව පොහොර ඇතුළු රසායන ද්‍රව්‍ය 27ක් අපනයනය තහනම් කර ඇතත් ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීම සලකා බලා හදිසි සහනයක් ලෙස පොහොර සපයනු ලැබේ. ඒ සඳහා වන වියදම ඉන්දීය රජය ශ්‍රී ලංකාව ලබා දුන් අමෙරිකානු ඩොලර් බිලියනයක ණය මුදලින් හිලව් කර ගැනීමට නියමිතය.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00