2022 මැයි 15 වන ඉරිදා

රාජපක්ෂලා එක්ක හදන ආණ්ඩුවලට සජබ නෑ - නලීන් බණ්ඩාර

 2022 මැයි 15 වන ඉරිදා, පෙ.ව. 10:01 74

ගයාන් ගාල්ලගේ l

රාජපක්ෂලා සමඟ හදන ආණ්ඩුවකට කිසිසේත් සමගි ජනබලවේගය පක්ෂයක් ලෙස සහය ලබා නොදෙන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා දේශයට කීය.

කැබිනට්ටුවේ සියලුදෙනාම රාජපක්ෂ ආණ්ඩුවේ පිරිස බවත් අගමැති පමණක් නමට පාර්ලිමේන්තුවේ තනි ආසනයක් හිමි අයකුට පමණක් ලබාදී ඇති බවත් එයින් පැහැදිව පෙනෙන්නේ නුදුරේදී රාජපක්ෂවරු නැවත කරළියට පැමිණීම බවත් හෙතෙම සඳහන් කළේය.

ඒ නිසා රාජපක්ෂ ආණ්ඩුවල කිසිදු තනතුරක් තම පක්ෂය ලබා නොගන්නා බවත් හැමදාම ජනතාව සමඟ සිටගන්නා බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීය.