2022 මැයි 15 වන ඉරිදා

ආණ්ඩුවේ හයිය බලන ඡන්දය 17දා

 2022 මැයි 15 වන ඉරිදා, පෙ.ව. 10:00 224

දේශපාලන වාර්තාකරු l

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් නව ආණ්ඩුව මුහුණදෙන පළමු තීරණාත්මක ඡන්දය ලබන 17 අඟහරුවාදා පැවැත්වීමට නියමිතය. ඒ නව නියෝජ්‍ය කතානායකවරයා තෝරා පත්කර ගැනීම සඳහා වන ඡන්දයයි.

රන්ජිත් සියඹලාපිටිය මහතා ඉවත්වීමෙන් පුරප්පාඩු වූ නියෝජ්‍ය කතානායක තනතුර සඳහා ආණ්ඩු පක්ෂයෙන් ඩිලාන් පෙරේරා මහතා ඉදිරිපත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තා වෙයි. විපක්ෂ අපේක්ෂකයා පිළිබඳ තවමත් තොරතුරු වාර්තා වී නැත.

කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ රජයට ඇති මැතිසබා ශක්තිය කොපමණද යන්න තීන්දු වන විශ්වාසය දිනාගැනීමේ අවස්ථාවක් ලෙස නියෝජ්‍ය කතානායක ඡන්දය හැඳින්විය හැකිය.

 

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00