2022 මැයි 08 වන ඉරිදා

ජනපති - අගමැති සිටින තුරු අන්තර් පාලනයට සජබ නැතිලු

 2022 මැයි 08 වන ඉරිදා, පෙ.ව. 10:00 50

I දේශපාලන වාර්තාකරු

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සිය තනතුරුවලින් ඉවත් වනතුරු අන්තර් පාලන ආණ්ඩුවකට සහභාගි නොවීම සිය පක්ෂයේ ස්ථාවරය බැව් සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා දේශයට කීය.

ශ්‍රී ලංකාව අද පවත්නා අගාධයට ඇද දැමීමේ වගකීම ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව භාරගත යුතුය. එසේ නොකර වත්මන් ජනාධිපතිවරයා යටතේ අන්තර් පාලනයකට යාම නිෂ්ඵල කටයුත්තක් බවද හෙතෙම පැවසීය.

ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූවා යැයි පවසන මන්ත්‍රී කණ්ඩායම සැබෑවටම අන්තර්වාර පාලනයක් අවශ්‍ය නම් ඔවුන්ට එම ආණ්ඩුව පිහිටුවීම සඳහා පිටත සිට උදව් දීමට තම පක්ෂය සූදානම් වුවත් එම රජයේ තනතුරු ලබාගැනීමට සමගි ජන බලවේගය සූදානම් නැති බවද මහ ලේකම්වරයා වැඩිදුරටත් කීය.