2022 මැයි 08 වන ඉරිදා

සිමෙන්ති කොට්ටය 1200ට බැහැලා?

 2022 මැයි 08 වන ඉරිදා, පෙ.ව. 10:02 478

I ගයාන් ගාල්ලගේ

අධික මිල ගණන් හේතුවෙන් සිමෙන්ති මිල දී ගැනීම ජනතාව විසින් අත්හැරීම නිසා සිමෙන්ති කොට්ටයක මිල 1200 දක්වා පහළ වැටී ඇති බව වෙළෙඳපොළෙන් වාර්තා වේ.

රුපියල් 2850කට තිබුණු සිමෙන්ති කොට්ටයක මිල මෙලෙස හදිසියේම පහළ බැස ඇත්තේ ජනතාව සිමෙන්ති මිල දී නොගැනීම හේතුවෙන් ගබඩා තුළ සිමෙන්ති ගල්වීම නිසා බව දැනගන්නට ඇත.

ඒ අතර ඇතැම් පුද්ගලයන් මේ වනවිට සමාජ මාධ්‍ය හරහා ඉක්මනින් මිල ගණන් කැඳවා සිමෙන්ති විකුණා දැමීම ආරම්භ කර ඇත.