2022 අප්‍රේල් 10 වන ඉරිදා

ඉන්දියාවෙන් තවත් තෙල් තොග හතරක්

 2022 අප්‍රේල් 10 වන ඉරිදා, පෙ.ව. 10:03 104

I දේශපාලන වාර්තාකරු

ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ මෙම මස 23 දින දක්වා තවත් ඩීසල් සහ පෙට්‍රල් තොග 4ක් මෙරටට ලබාගැනිමට සැලසුම් කර ඇතැයි තානාපති අංශ ආරංචි මාර්ග කියයි.

ඒ අනුව අප්‍රේල් 15-18 සහ 22 යන දිනවල ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 බැගින් ලැබීමට නියමිතය. ඒ අතර අප්‍රේල් 23 දින පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,000ක් රැගත් නැවක්ද ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බව වාර්තා වෙයි.

මෙම ඉන්ධන තොග හමාර වීමෙන් පසු ඉදිරියට තවත් ඉන්ධන ලබාගැනීම සඳහා නව සාකච්ඡා වටයක්ද දෙරට බලධරයන් විසින් මේ වනවිට අරඹා තිබේ.

 

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00