2022 මාර්තු 27 වන ඉරිදා

මාර්තු 31ට පෙර බූස්ටර් එන්නත ගන්න - වෛද්‍ය හේමන්ත හේරත්

 2022 මාර්තු 27 වන ඉරිදා, පෙ.ව. 10:02 86

l සුගත් පී. කුලතුංගආරච්චි

ඉදිරි උත්සව සමයෙන් පසු කලින් සිදුවූවාක් මෙන් කොවිඩ් තදින් පැතිර යාමේ ප්‍රවණතාවක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා තුන්වැනි එන්නත් මාත්‍රාව මේ මස 31ට පෙර ලබාගැනීමට සැවොම කටයුතු කළ යුතු යැයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කියයි.

කොවිඩ් නව ප්‍රභේදයන් සතු ඉක්මන් බෝවීමේ සහ පැතිරීමේ ගුණයෙන් ආරක්ෂා වී උත්සව සමයේත් ඉන් පසුවත් සෞඛ්‍ය සම්පන්නව ගතකිරීමට නම් ශරිරය තුළ අවශ්‍ය ප්‍රතිශක්තිය කලින්ම ගොඩනඟාගැනීම වැදගත් බව ඔහු පෙන්වා දෙයි.

උත්සව සමයේ ඒ ලෙස ජන ඒකරාශි වීමට පෙර අවශ්‍ය පූර්ව ආරක්ෂාව සපුරා ගැනීමට අඩු තරමේ සති දෙකකටවත් කලින් ඒ සඳහා බූස්ටර් මාත්‍රාව මෙතෙක් ලබා නොගත් අය ලබා ගැනීම ඉතා වැදගත් බව ඔහු පෙන්වා දෙයි. 

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00