2022 මාර්තු 13 වන ඉරිදා

ජිනීවා සමුළුවේදී ශ්‍රී ලංකාවට රටවල් 32ක සහය - විදේශ ලේකම්

 2022 මාර්තු 13 වන ඉරිදා, පෙ.ව. 10:00 60

I දේශපාලන වාර්තාකරු

ජිනීවා මානව හිමිකම් කොමිසමේ මෙවර මහ සභා රැස්වීමේදී එහි සාමාජික රටවල් 45න් 32ක් ශ්‍රී ලංකාවට සහාය පළ කිරීම විශාල ජයග්‍රහණයක් බව විදේශ ලේකම් ආචාර්ය ජයනාත් කොළඹගේ මහතා දේශයට කීය.

ශ්‍රී ලංකාවට සහාය පලකරමින් එහිදී ඍජුවම අදහස් දැක්වූ රටවල් අතර ජපානය, සෞදි අරාබිය, ඊජිප්තුව, කියුබාව, පිලිපීනය, චීනය, නේපාලය, නයිජීරියාව, කෙන්යාව, පකිස්ථානය, මාලදිවයින, බංග්ලාදේශය ආදී රටවල්ද වූ බව ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

මානව හිමිකම් මහ කොමසාරිස් ''මිෂෙල් බැෂලේ'' මහත්මිය මෙවර ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය ගැන ලිඛිත වාර්තාවක් මහ සභාවට ඉදිරිපත් කළේය. ලබන සැප්තැම්බරයේ පැවැත්වෙන සැසිවාරයේදී සංවාදයක් පවත්වා එම වාර්තාව ගැන තීන්දුවක් ගැනීමට නියමිත බවද හෙතෙම ප්‍රකාශ කළේය.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00