I සමන්ත ප්‍රදීප් විල්තෙර
පාතාල හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අයත් රුපියල් කෝටි 78ක නීතිවිරෝධීව ඉපැයූ වත්කම් හා දේපළ තහනම් කිරීමට ශ්‍රී ලංකා පොලිසියේ නීතිවිරෝධී වත්කම් හා දේපළ විමර්ශන කොට්ඨාසය පියවර ගෙන තිබේ.
නීතිවිරෝධී ආකාරයට මුදල් ඉපැයූ ප්‍රබල පාතාල ජාවාරම්කරුවන් 23 දෙනෙක් මේ වනවිට අත්අඩංගුවට පත්ව සිටිති. එවැනි සිද්ධීන් 950කට වැඩි ප්‍රමාණයක් පිළිබඳව විමර්ශන සිදු කරමින් පවතී. නීතිවිරෝධී ලෙස ඉපැයූ මුදල් හා තහනම් කළ බැංකු ගිණුම්, අමෙරිකානු ඩොලර්, ඉඩම්, ගෙවල්, යාන වාහන, රත්රන් ඇතුළු වත්කම් රුසක් මේ වනවිට තහනමට ලක්කර තිබෙන අතර ප්‍රබල කුඩු ජාවාරම්කරුවකුට අයත් බවට තහවුරු වී ඇති දකුණු පළාතේ සුපිරි වෙළෙඳසලක් මේ වනවිට සතොස වෙත පවරා තිබේ.
අත්අඩංගුවට පත් පිරිස අතර පාතාල නායකයන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙන්ම මුදලට කාන්තාවන් අලෙවි කිරීම සඳහා වෙව්අඩවියක් පවත්වාගෙන ගිය අයෙක් ද වෙයි. පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත නීතිවිරෝධී වත්කම් හා දේපළ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල් මහතාගේ මෙහෙයවීම මත වැඩිදුර විමර්ශන සිදුකෙරේ.