
l සංජීවිකා සමරතුංග
ලබන සතියට යෙදෙන එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් උළෙලේ ප්‍රධාන ආරාධිතයන් ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා හා නේපාල ජනාධිපතිනී බිද්‍යා දේවි බන්ධාරි මහත්මිය සහභාගී වීමට නියමිතය. මෙම වෙසක් උත්සවයේ ආරම්භක දින ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉන්දීය අගමැතිවරයාද අවසන් දිනට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නේපාල ජනාධිපතිනියද සහභාගී වන බව විදේශ අමාත්‍යංශය පවසයි.
ඉන්දීය අගමැතිවරයා මේ සඳහා සහභාගී වීමට ලබන 11 දා සවස කොළඹට පැමිණෙයි. අනතුරුව කොළඹ හුණුපිටිය ගංඟාරාමයේ වෙසක් කලාපය විවෘත කිරීමේ රාජ්‍ය උත්සවයට ඉන්දීය අගමැතිවරයාද සහභාගී වෙයි. 12 දින පෙරවරුවේ බණ්ඩාරනායක සම්න්ත්‍රණශාලාවේ පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් දින උළෙලේ ප්‍රධාන අමුත්තා ලෙස ආරම්භක දේශනය පවත්වයි.
අනතුරුව මහනුවර හා උඩරට ප්‍රදේශයේ උත්සව ගණනාවකට සහභාගී වී එදිනම සවස ඉන්දීය අගමැතිවරයා පිටත්ව යාමට නියමිතය.
ජාත්‍යන්තර වෙසක් උළෙලේ අවසන් සභාවාරය මැයි 14 දා මහනුවරදී නේපාල ජනාධිපතිනියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි. ඒ අවස්ථාවට ආසියාවේ බෞද්ධ රටවල් ගණනාවක විදේශ අමාත්‍යවරුන් හා තවත් ජ්‍යෙෂ්ඨ දේශපාලඥයන් ගණනාවක් ආරාධිතයෝ ලෙස එක්වෙති.
ජාත්‍යන්තර වෙසක් උළෙල සඳහා කොළඹට පැමිණෙන ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ඉන්දීය විශේෂ ප්‍රභූ ආරක්ෂක බලකායේ සෙබළුන්ගේ සහ ශ්‍රී ලංකා පොලිසීයේ හා හමුදාවේ දැඩි ආරක්ෂාව සලසා ඇත.