2022 මාර්තු 06 වන ඉරිදා

කන්ටේනර් මුදාගන්න ඩොලර් මිලියන 40ක් ඉල්ලයි

 2022 මාර්තු 06 වන ඉරිදා, පෙ.ව. 10:00 78

I ගයාන් ගාල්ලගේ

මෙරටට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය සඳහා මේ වනවිට මාසිකව ඩොලර් මිලියන 200ක් අවශ්‍ය වන බව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනයකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනවිරත්න මහතා දේශයට පැවසීය.

මේ මොහොතේ එම මුදල ලබාගැනීම පහසු නොවන නිසා දැනට කොළඹ වරායේ සිරවී ඇති ආනයනය කළ කන්ටේනර් මුදවා ගැනීමට ඩොලර් මිලියන 40 ක් ලබාදෙන ලෙසට තම සංගමය ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යවරයාගෙන් ලිඛිතව ඉල්ලා ඇති බව ඔහු සඳහන් කළේය. පසුගිය නොවැම්බරයේ සිට මෙලෙස සිරවූ කන්ටේනර් ඇති බව ඔහු සඳහන් කළේය. එම කන්ටේනර්වල සහල්, සීනි, කිරිපිටි, පරිප්පු, ලූනු, මිරිස් ආදිය ඇතුළත්ය.

කෙසේ වෙතත් රජය මැදිහත්ව ඉක්මන් විසඳුමක් ආනයනයකරුවන්ට ලබාදීම අවශ්‍ය බව ඔහු කීය.

 

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00