2017 මැයි 06 වන සෙනසුරාදා

නෙවිල් ප්‍රනාන්දු රොහලේ OPD නෝමිෙල්

 2017 මැයි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 55


ගයාන් ගාල්ලගේ l

මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ බාහිර රෝගී අංශයට ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන්ට නොමිලේ ප්‍රතිකාරදීම සඳහා තමන්ගෙන් අවසර ඉල්ලූ බව මහාමාර්ග සහ උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා දේශයට පැවසීය.

ඒ සඳහා තමන් අවසරය ලබාදුන් බවත් ඉදිරියේදී එම රෝහලේ බාහිර රෝගී අංශය මගින් නොමිලේ බෙහෙත් ලබාගැනීමට හැකියාව පවතින බවත් හෙතෙම සඳහන් කළේය.
මෙය පෞද්ගලික රෝහලක බාහිර රෝගී අංශය මගින් නොමිලේ ප්‍රතිකාර සිදුකරන ප්‍රථම අවස්ථාවද වේ.