I සංජීවිකා සමරතුංග
පාස්කු ප්‍රහාරය සම්බන්ධව මෙතෙක් අනාවරණය නොවූ රහසිගත සංවේදී කරුණු ඇතුළත් විශේෂ වාර්තා පාර්ලිමේන්තුවෙන් ලබාගෙන ඊට අදාළව සුදුසු නීතිමය පියවර ගැනීමට අපේක්ෂා කරන බව අගරදගුරු පදවි ජනසන්නිවේදන අධ්යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා දේශයට පැවසීය.
ජනාධිපතිවරයාගේ විශේෂ නියෝගය අනුව මෙතෙක් මැතිසබයට ඉදිරිපත් කර නොතිබූ මෙම රහසිගත වාර්තා පසුගියදා කතානායකවරයාට බාරදෙනු ලැබීය. දැන් එම වාර්තා පාර්ලිමේන්තු පුස්තකාලයේ මන්ත්‍රීවරුන්ගේ පරිහරණය සඳහා තැන්පත් කර ඇත.
අගරදගුරැ හිමියන්ට මෙම වාර්තා ලැබුණු පසු ඒ සම්බන්ධව අධ්‍යයනය කිරීමට පත්කර ඇති ජ්‍යෙෂ්ඨ පියතුමන්ලාගෙන් සහ නීති විශාරදයන්ගෙන් සමන්විත මණ්ඩලයක් මගින් සලකා බැලීමට නියමිත බවද ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා වැඩිදුරටත් කීය. එම අධ්‍යයනයෙන් පසුව ගත හැකි නීතිමය පියවර කඩිනමින් ගැනීමට අපේක්ෂා කරන බවද හෙතෙම සඳහන් කළේය.
ඒ අතර අද (ඉරිදා) වතිකානු නගරයේදී පාසකු ප්‍රහාරය සම්භන්ධ උද්ගෝෂනයක් සිදුකර පාප් වහන්සේගේ අවදානය ඊට යොමු කිරීමට රෝමයේ කතෝලික ප්‍රජාව සැපසුම් කර ඇතැයිද වාර්තා වෙයි.