I ගයාන් ගාල්ලගේ
මේ ආණ්ඩුව පත්වූ දා සිට ජනතාවට එකදු සහනයක් ලබා නොදුන් බවත් දිනෙන් දින පෝලිම් නිර්මාණය කරමින් ජනතාව පීඩාවට පත්කිරීම පමණක් සිදු කළ ආණ්ඩුවක් බවත් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසීය.
දිනෙන් දින අවුල් ඇති කරමින් ආණ්ඩුව මේ ගමන් කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි ගමනක් බවත් හෙතෙම සඳහන් කළේය.
කෙසේ වෙතත් මේ ආණ්ඩුවේ නායකයන් ජනතාවගෙන් සමාව ගෙන ගෙදර යා යුතු බවද ඔහු කීය.