2022 පෙබරවාරි 26 වන සෙනසුරාදා

තෙල් මිල ඉහළ දමා සහනාධාරදීම පලක් නැති වැඩක් - මුදල් ඇමැති

 2022 පෙබරවාරි 26 වන සෙනසුරාදා, පෙ.ව. 10:03 153

I ව්‍යාපාරික වාර්තාකරු

ඉන්ධන මිල ඉහළ දමා එයින් පීඩාවට පත්වන බස් සංගම්, ධීවර සංගම්, බේකරි හිමියන්, එළවළු වගාකරුවන් ඇතුළු ක්ෂේත්‍ර රැසකට රජයෙන් නැවත සහනාධාර දීමට වඩා ඉන්ධන මිල පවත්නා තත්ත්වයෙන් තබාගැනීම ප්‍රායෝගික බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබේ.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ලංකා විදුලිබල මණ්ඩලය ඉන්ධන සඳහා ඩොලර් සපයා ගැනීමේ අර්බුදයකට මුහුණ දී සිටින නිසා මිල වැඩි කළ යුතු බවට පාර්ශ්ව ගණනාවකින් මුදල් අමාත්‍යංශයට යෝජනා ඉදිරිපත් විය. මේ ගැන සාකච්ඡාවට පසුගියදා විශේෂ අමාත්‍ය මණ්ඩල හමුවක්ද පැවැත්විණි. එහිදී මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ ඉන්ධන මිල වැඩි කිරීමෙන් රජය ලබාගන්නා මුදල් නැවතත් සහනාධාර ලෙස ගෙවීමට සිදුවන්නේ නම් එම මිල ඉහළ නැංවීම නිෂ්ඵල ක්‍රියාවක් බවය.