I ව්‍යාපාරික වාර්තාකරු
ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ මුදල් කළමනාකරණයට ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධරයකු පත්කිරීමට තීරණය වී ඇතැයි වාර්තා වෙයි. මහ බැංකුව හා බලශක්ති අමාත්‍යංශය මේ සඳහා දැනටමත් එකඟත්වය පළ කර තිබේ.
එක දිනකට රුපියල් බිලියන 2ක (කෝටි 200ක) ආදායමක් සහිත මෙරට එකම රාජ්‍ය ආයතනය ඛණිජ තෙල් සංස්ථාවයි. කෙතරම් ආදායමක් ලැබුවද ලංකා විදුලිබල මණ්ඩලය වෙත ඉන්ධන ණයට සැපයීම නිසා තෙල් සංස්ථාවට රුපියල් බිලියන 80ක් (කෝටි 8000ක්) අයවිය යුතුව ඇත.
ශ්‍රී ලංකන් එයාර් ඇතුළු තවත් ආයතන ගණනාවකින් මෙලෙස ඛණිජ තෙල් සංස්ථාවට ණය අයවීමට ඇත. එම නිසා සංස්ථාවේ මුල්‍ය කළමනාකරණයට මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධරයකු පත් කිරීමට යෝජනා වී ඇත.