2022 පෙබරවාරි 12 වන සෙනසුරාදා

අවුරුදු පතා ඩොලර් බිලියන 05ක් ගෙවන්න වෙලා

 2022 පෙබරවාරි 12 වන සෙනසුරාදා, පෙ.ව. 10:02 162

සංජීවිකා සමරතුංග l

2021 සිට 2026 දක්වා වන වසර පහක කාලය තුළ ශ්‍රී ලංකාව විසින් ලබාගත් ණය ඩොලර් බිලියන 26ක් (ඩොලර් කෝටි 2600ක්) ගෙවීමට නියමිත බව මහ බැංකු ආරංචි මාර්ග කියයි.

ඒ අනුව වසරකට දළ වශයෙන් ගෙවිය යුතු ණය ප්‍රමාණය ඩොලර් බිලියන පහක් හෙවත් කෝටි 500කි.

විදේශගත රැකියාලාභීන් රටට එවන ඩොලර් ප්‍රමාණය සීමාවීම හා අපේක්ෂිත සංචාරක ආදායම තවමත් ප්‍රමාණවත් ලෙස නොලැබීම නිසා රටට ඩොලර් ලැබීමද අඩුවී ඇත. එහෙත් අපනයනයන්හි වර්ධනයක් පෙන්වා තිබේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව විසින් ගෙවිය යුතු විදේශ ණය මුදල් කලට වේලාවට ගෙවීමේ හැකියාව පවතින බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කර ඇත

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00