2022 ජනවාරි 22 වන සෙනසුරාදා

ටෙන්ඩර් නැතිව ගෑස් මිලට ගන්න සූදානමක්

 2022 ජනවාරි 22 වන සෙනසුරාදා, පෙ.ව. 10:03 162

I ව්‍යාපාරික වාර්තාකරු

දැනට මෙරටට ගෑස් ආනයනය කිරීම සඳහා ලිට්‍රෝ සමාගම ඕමාන සමාගමක් සමඟ ඇතිකරගෙන තිබෙන ගිවිසුම ලබන මස (පෙබරවාරියේදී) හමාර වුවත් ඒ සඳහා නව ටෙන්ඩරයක් මෙතෙක් කැඳවා නැත.

මේ නිසා ලබන මස ටෙන්ඩරයේ සැපයුම් හමාරවීමෙන් පසු හදිසි මිලදී ගැනීම් යටතේ (SPU ක්‍රමයට) ගෑස් සපයා ගැනීමට ලිට්‍රෝ සමාගම අපේක්ෂා කරන බව එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය. හදිසි මිලදී ගැනීම් යටතේ මෙරට ගෑස් හිඟයක් ඇතිවීමට ඉඩ නොදී ගෑස් සැපයුම නිසි ලෙස පවත්වාගෙන යා හැකි බවද ඔහු පැවසීය.

දැනට තිබෙන ඉල්ලුම අනුව මෙරටට මසකට ගෑස් මෙට්‍රික් ටොන් 30,000 පමණ අවශ්‍ය කෙරේ. ඒ සඳහා ඩොලර් මිලියන 25ක මුදලක් අදාළ සමාගම් වැයකළ යුතුය.