2022 ජනවාරි 15 වන සෙනසුරාදා

රන්ජන් රහසක් හෙළිකිරීමට සැරසෙයි!

 2022 ජනවාරි 15 වන සෙනසුරාදා, පෙ.ව. 10:01 543

I සංජීවිකා සමරතුංග

අයථා ලෙස මුදල් රැස්කර විදේශ බැංකුවල තැන්පත් කර ඇති ධනවතුන් සම්බන්ධයෙන් පැන්ඩෝරා පත්‍රිකා මගින් කළ හෙළිදරව්වට අදාළව විශේෂ කරුණු දැක්වීමකට දැනට සිරගතව සිටින හිටපු මන්ත්‍රී රංජන් රාමනායක මහතාට අවස්ථාවක් ලබාදීමට අල්ලස් හෝ දූෂණ කොමිසම තීන්දු කර ඇත.

හිටපු මන්ත්‍රීවරයාට මෙම අවස්ථාව හිමිවන්නේ ඔහු විසින් අල්ලස් කොමිසමෙන් කරන ලද ලිඛිත ඉල්ලීමක් අනුවය. එම අවසරය යටතේ විශේෂ දිව්රුම් ප්‍රකාශයක් මගින් රංජන් රාමනායක මහතා සතුව ඇති තොරතුරු කොමිසම වෙත ලබා දෙන්නැයි ළඟදීම ඔහුට දැනුම් දෙනු ඇතැයි අල්ලස් කොමිසමේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි. ඒ අනුව දැනට පැන්ඩෝරා පත්‍රිකා මගින් හෙළිදරව් වී ඇති සහ නොමැති කරුණු ගණනාවක් සම්බන්ධයෙන් රංජන් රාමනායක මහතා කරැණු දක්වනු ඇතැයි වාර්තා වේ.