2022 ජනවාරි 15 වන සෙනසුරාදා

චීනයෙන් සහල් තෑග්ගක්

 2022 ජනවාරි 15 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 64

දේශපාලන වාර්තාකරු l

චීනය සහ ශ්‍රී ලංකාව අතර 1952 දී ඇතිකරගත් රබර් සහල් ගිවිසුමට වසර 70ක් පිරීම නිමිත්තෙන් චීනය ශ්‍රී ලංකාවට සහල් තොගයක් පරිත්‍යාග කිරීමට තීරණය කර ඇත.

කොළඹ සිටින චීන තානාපතිවරයාගේ නියමය අනුව එම තානාපති කාර්යාලයේ වාණිජ අංශ ප්‍රධානී ලී ගුවැන් ජුන් මහතා මේ බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට පසුගියදා දැනුම් දුන්නේය. අමාත්‍ය ගුණවර්ධන මහතා කල් තබා මේ ගැන චීන තානාපති අංශය දැනුවත් කිරීම නිසා අදාළ පරිත්‍යාගය ශ්‍රී ලංකාවට ලබාදෙන බවද චීන වාණිජ අංශ ප්‍රධානියා වෙළෙඳ අමාත්‍යාංශයට දැනුම් දී තිබේ. ඔවුන් පරිත්‍යාග කරන සහල් වර්ගය සහ ප්‍රමාණය ඉදිරි දින කිහිපය තුළ දැනුම් දෙනු ඇති බවද වාර්තා වෙයි.