2022 ජනවාරි 15 වන සෙනසුරාදා

උවිඳු විජේවීරගෙන් දේශපාලන පක්ෂයක්

 2022 ජනවාරි 15 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 82

I ජේ.ඒ.එල්. ජයසිංහ

කිසිදු පක්ෂයකට මුක්කු නොගසමින් තමන් වෙනම දේශපාලන පක්ෂයක් ඉදිරියට ගොඩනගන බවත් එම අලුත් ව්‍යාපාරය වාමාංශික දේශපාලන ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක කරන බවත් ජ.වි.පෙ. හිටපු නායක රෝහණ විජේවීර මහතාගේ පුත් ආචාර්ය උවිඳු විජේවීර මහතා මහනුවරදී ප්‍රකාශ කළේය.

අස්ගිරි මහා විහාරයට පැමිණ අස්ගිරි මහා විහාරයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී ශාස්ත්‍රපති  නාරම්පනාවේ ආනන්ද හිමියන් බැහැදැක උන්වහන්සේ සමඟ වැඩිදුරටත් අදහස් හුවමාරු කරගත් උවිඳු විජේවීර මහතා තමන්ගේ අලුත් ව්‍යාපාරය බිහිවන්නේ ස්වාධීන ව්‍යාපාරයක් ලෙස බවත් කිසිදු දේශපාලන පක්ෂයකට තමන් සහ තම සාමාජිකයන් සම්බන්ධ නොවන බවත් ප්‍රකාශ කළේය.

සැමට එකඟ විය හැකි රට හදන ජාතික චින්තන තේමාව ඔස්සේ ජාතික වැඩපිළිවෙළක් එළිදක්වමින් පොදු ජනතාවට එකතු විය හැකි නමක් පාටක් සහිත දේශපාලන පක්ෂයක් ළඟදීම බිහිකිරීම තම අපේක්ෂාව බවත් ආචාර්ය උවිඳු විජේවීර මහතා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01