2022 ජනවාරි 08 වන සෙනසුරාදා

බූස්ටරයට ජනතා තල්ලුව මදි

 2022 ජනවාරි 08 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 64

I ගයාන් ගාල්ලගේ

කොවිඩ් බූස්ටර් එන්නත තවම මෙරට ජනතාවගෙන් 20%ක සංඛ්‍යාවක් පමණක් ලබාගෙන ඇති බවත් විවිධ අසත්‍ය ප්‍රචාර නිසා එය ලබා නොගැනීමට ඇතැම් අය කටයුතු කරන බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ කොවිඩ් සම්බන්ධීකාරක සහ තාක්ෂණික සේවා අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා දේශයට පැවසීය.

එය ඉක්මනින් ලබා නොගතහොත් කොවිඩ් වෛරසයේ  ඔමික්‍රොන් ප්‍රභේදය හමුවේ රට ඉදිරියේ විශාල ගැටලුවකට මුහුණදීමේ අවදානමක් පවතින බවත් හෙතෙම සඳහන් කළේය.

වෛරසයේ විවිධ ප්‍රභේද හමුවන බවත් ඊට තුන්වැනි මාත්‍රාව සාර්ථක බව සෞඛ්‍ය විශේෂඥයන් පවා පිළිගෙන ඇති නිසා ඉක්මනින් තුන්වැනි මාත්‍රාව ලබාගන්නා ලෙසට හම්දානි මහතා ඉල්ලා සිටියේය.