2022 ජනවාරි 08 වන සෙනසුරාදා

ඔමික්‍රොන් ඔළුවත් අවුල් කරයි!

 2022 ජනවාරි 08 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 72

I සුගත් පී. කුලතුංගආරච්චි

ඔමික්‍රොන් මාදිලියේ විශේෂ ලක්ෂණයක් ලෙස මෙතෙක් බහුලව වාර්තා නොවී තිබූ කොවිඩ් රෝග ලක්ෂණයක් මතුව ඇති බව එංගලන්ත වෛද්‍ය විශේෂඥයන් පිරිසක් පෙන්වා දී තිබේ. 

එය වෛද්‍යවරුන් විසින් “brain fog” ලෙස හඳුන්වා දී ඇති හිසරදය සහිත මතකය අහිමිවීමේ ලක්ෂණයකි.

පොදු කොවිඩ්-19 ලක්ෂණයක් ලෙස හඳුන්වා දී තිබුණද මෙතෙක් පැතිර ගිය මාදිලි හේතුවෙන් මේ ලක්ෂණය බහුලව වාර්තා වී තිබුණේ නැති නමුත් ඔමික්‍රොන් වැළඳුණු අය අතර මෙය දැන් කැපීපෙනෙන ලෙස වාර්තා වන බව එංගලන්ත පර් යේෂකයෝ පෙන්වා දෙති.

තද හිසරදය සමග මතකය අහිමි කරමින් එන මේ රෝගී තත්ත්වය හේතුවෙන් අවධානය යොමුකිරීමේ හැකියාව අහිමිව යන බව වාර්තා වේ. මානසික ඒකාග්‍රතාව පවත්වා ගැනීමට නොහැකි අවුල් සහගත සහ ව්‍යාකූල තත්ත්වයක් මේ හේතුවෙන් මතුව ඇති බව වෛද්‍ය වාර්තා පෙන්වා දී ඇත.