2022 ජනවාරි 01 වන සෙනසුරාදා

මම දැන් පොතක් ලියනවා: මීට පස්සේ කිසිම තනතුරකට යන්නෙ නෑ - ආචාර්ය පී.බී. ජයසුන්දර

 2022 ජනවාරි 01 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 455

I දේශපාලන වාර්තාකරු

ජනවාරි මස 31දා තමන් ජනාධිපති ලේකම් ධුරයෙන් විශ්‍රාම ලැබූ පසු රජයේ උපදේශක තනතුරක් හෝ වෙනත් කිසිදු රාජ්‍ය වගකීමක් බාරනොගන්නා බව ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් දේශයට පැවසීය.

තමන් රැකියා විරහිත උපාධිධරයකු නොවන බැවින් තවදුරටත් රජයේ තනතුරු අපේක්ෂා නොකරන වග ආචාර්ය ජයසුන්දර මහතා වැඩිදුරටත් සඳහන් කළේය. ජනාධිපති ලේකම් ධුරයෙන් සමුගත් පසු තමන්ගේ රාජකාරි අත්දැකීම් අලලා ග්‍රන්ථයක් සම්පාදනය කරන්නේ යැයි ඔහු වැඩිදුරටත් පැවසීය. එම ග්‍රන්ථයේ මූලික පරිච්ඡේද දැනටමත් ලියා අවසන් කර තිබේ. චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරුන්ගේ ආණ්ඩුවල වගකිවයුතු ඉහළම තනතුරු දැරූ තමා ඉදිරි කාලයේ නිදහසේ සිටීමට අපේක්ෂා කරන බැවින් ඊට සැමගේ සහයෝගය අපේක්ෂා කරන්නේ යැයිද ජනාධිපති ලේකම්වරයා කියා සිටියේය.

අභිනව ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතාට තමන් සුබ පැතූ බවද සඳහන් කළ ආචාර්ය ජයසුන්දර හෙතෙම මෙම තනතුර දැරීමට අත්දැකීම් හා හැකියාව ඇති කාර්යක්ෂම නිලධරයකු බව සඳහන් කළේය. අභිනව ජනාධිපති ලේකම්වරයාට අවශ්‍ය ඕනෑම සහායක් ඔහුගේ අවශ්‍යතාව පරිදි පිටත සිට ලබාදීමට කැමැති බවත් ආචාර්ය ජයසුන්දර මහතා අවසාන වශයෙන් කීය.

 

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01