2022 ජනවාරි 01 වන සෙනසුරාදා

ආණ්ඩුව කිව්ව බොරු වමාරන්න වෙලා - ආචාර්ය හර්ෂ ද සිල්වා

 2022 ජනවාරි 01 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 97

I ගයාන් ගාල්ලගේ

ආණ්ඩුව විසින් වසර දෙකක් පුරා ජනතාවට ලබාදුන් වැරදි තොරතුරුවල ප්‍රතිඵල ලබන වසරේ සිට ජනතාවට උහුලා ගැනීමට නොහැකිව අන්ත අසරණ වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා දේශයට පැවසීය.

ලබන වසරේ සිට ජනතාවට තව තවත් ආර්ථික පීඩාවන් විඳින්නට සිදුවන බවත් ඒ දැන දැනත් ආණ්ඩුව තවමත් ජනතාවට බොරු කරන බවත් හෙතෙම සඳහන් කළේය.

විශේෂයෙන් ආණ්ඩුවේ දේශපාලකයන් ලවා ඇත්ත කියන විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට මඩ ගැසීම හැර වෙනත් කිසිවක් සිදුනොවන බවත් කනගාටුවට කරුණ වන්නේ මහ බැංකු අධිපතිවරයා පවා අසත්‍ය පැවසීම බවත් ඔහු කීය.