I ගයාන් ගාල්ලගේ
ලබන වසර සඳහා මෙරට ජනතාවගේ භාවිතයට සිමෙන්ති මෙට්‍රික් ටොන් මිලියන 9ක් අත්‍යවශ්‍ය බව ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා දේශයට පැවසීය.
එම ප්‍රමාණය මෙරට සමාගම් තුනකට නිෂ්පාදනය කළ හැකි බවත් ඒ නිසා පිටරටින් සිමෙන්ති ආනයනය නතර කොට රුපියල් 1400ක වැනි මුදලට ලබාදිය හැකි බවත් හෙතෙම සඳහන් කළේය.
එහෙත් ඒ සඳහා බලධාරීන් සහාය ලබාදියයුතු බවත් එසේ නොවුණහොත් තව තවත් වැඩිමුදලට මෙරට මැදිහත්කරුවන්ගෙන් සිමෙන්ති මිලදී ගන්නට සිදුවන බවත් ඒ මහතා කීය.