2021 දෙසැම්බර් 11 වන සෙනසුරාදා

සැනිටයිසර් ගැහිල්ලක් අතේම මාට්ටු

 2021 දෙසැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 163

I අධිකරණ වාර්තාකරු

වෛද්‍ය සැපයුම් අංශයෙන් කොවිඩ් මර්දනය සඳහා අවශ්‍ය “සැනිටයිසර්” මිලදී ගැනීමේදී දැවැන්ත මූල්‍ය වංචාවක් සිදුව ඇතැයි ලැබුණ පැමිණිල්ලක් අනුව අල්ලස් හෝ දූෂණ කොමිසම පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

මෙලෙස විමර්ශනය කෙරෙන්නේ ටෙන්ඩර් පටිපාටියකින් තොරව හදිසි මිලදී ගැනීම් යටතේ සැනිටයිසර් බෝතල් ලක්ෂ 6ක් මිලදී ගැනීම සහ සැනිටයිසර් කෑන් ලක්ෂයක් වැඩි මිලක් ගෙවා මිලට ගැනීම සම්බන්ධයෙනි. මෙම මිලදී ගැනිමේදී රජය අනුමත කළ විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුව ක්‍රියාකොට නැතැයි ඊට අදාළව ලද පැමිණිල්ලේ සඳහන්ය.

මෙම ගනුදෙනුවට අදාළව ලිඛිත සාක්ෂිද සහිතව ලැබී ඇති පැමිණිල්ලේ මූලික විමර්ශන දැනටමත් ආරම්භ කර තිබේ. මෙයට වගකිවයුතු සෞඛ්‍ය බලධරයන්ගෙන් සිද්ධිය ගැන ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනීම මේ වනවිටත් ආරම්භ කර ඇතැයිද අල්ලස් කොමිසමේ ආරංචි මාර්ග කියයි.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00