2021 දෙසැම්බර් 11 වන සෙනසුරාදා

ඇස්ට්‍රා සෙනෙකාවලින් රුධිරය කැටිගැසෙනවලු

 2021 දෙසැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 215

I සංජීවිකා සමරතුංග

කොවිඩ් 19 රෝගය සඳහා ලබාදෙන ඇස්ට්‍රා සෙනෙකා එන්නත නිසා රුධිරය කැටි ගැසීමක් සිදුවන බව බ්‍රිතාන්‍යයේ කාඩිෆ් සරසවියේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ ඒකාබද්ධ විද්‍යාඥයන්ගේ පර්යේෂණයකින් හෙළිවී ඇතැයි බ්‍රිතාන්‍ය ගුවන් විදුලිය (BBC) වාර්තා කළේය.

එම වාර්තාව අනුව මෙම තත්ත්වය ගැන සෙවීමට බ්‍රිතාන්‍යයේ විද්‍යාත්මක රහස් පරීක්ෂණයක්ද පවත්වා ඇත. මෙලෙස රුධිරය කැටි ගැසීම විරල සිදුවීමක් වුවත් බ්‍රිතාන්‍යය තුළ ඇස්ට්‍රා සෙනෙකා එන්නත් මාත්‍රා ලක්ෂ 500ක් ලබාදීමෙන් පසු රුධිරය කැටි ගැසී පුද්ගල මරණ 73ක් වාර්තා වූ බව බී.බී.සී. වාර්තාවේ සඳහන්ය.

මෙම පර්යේෂකයන් සිය වාර්තාව මගින් හෙළිදරව් කර ඇත්තේ එන්නත් මාත්‍රාව ලබාගත් ඇතැම් පුද්ගලයන්ගේ අක්මාවේ සහ ශිරා තුළ රුධිරය කැටි ගැසීම සිදුවන බවය.

 

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00