2021 දෙසැම්බර් 04 වන සෙනසුරාදා

කොරෝනා විකෘති ඉස්සරහට තව ඒවි - ආචාර්ය චන්දිම ජීවන්දර

 2021 දෙසැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 52

I සුගත් පී. කුලතුංගආරච්චි

ඔමික්‍රොන් වෛරසය යනු ලෝකාවසානය නොවන බවත් මෙවැනි විපරීත මාදිලි ඉදිරියේදීද තවත් ඕනෑතරම් මතුවිය හැකි බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ අණුක ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර අපකළ විමසුමකදි පැවසීය.

දැනට ලොව පුරා රටවල් 20කට ආසන්න සංඛ්‍යාවකින් වාර්තා වී ඇති අවධානයට ලක්විය යුතු මට්ටමේ ප්‍රභේදයක් ලෙස හඳුන්වා දී ඇති ඔමික්‍රොන් සම්බන්ධයෙන් ලොවපුරා පැතිර ඇති ආන්දෝලනය සම්බන්ධයෙන් කළ විමසීමකදි ඔහු ඒ බව කීය.

මේ අවස්ථාවේ අනවශ්‍ය බියක් ඇතිකර ගැනීම නොව සිදුකළ යුත්තේ වෛරස පැතිරීමට ඇති අවස්ථාව අහිමි කිරිමට අවශ්‍ය ක්‍රියාමාර්ග නොපමාව පිළිපැදීම බව ඔහු කියයි.

ඒ සඳහා මූලිකව තමන්ට වෛරසය ආසාදනය වීම වළක්වා ගත යුතුහෙයින් දැනට හඳුන්වා දී ඇති සෞඛ්‍ය පූර්වාරක්ෂක ක්‍රම එදිනෙදා ජිවිතයේ අංගයක් ලෙස පුරුදු කර ගත යුතු බවත් එන්නත ලබා ගැනීමේ යෝග්‍යතාවය සහිත හැමදෙනාම පාහේ මුල් මාත්‍රා 2 පමණක් නොව බූස්ටර් මාත්‍රාවන්ද වෛද්‍ය උපදෙස් අනුව ලබාගත යුතු බවත් වෛද්‍ය විශේෂඥයෝ අවධාරණය කර සිටිති. 

වෛරසය පැතිරී යාම වැඩි වුවහොත් ඩෙල්ටා ලැම්ඩා ඔමේගා, ඔමි‌ෙක්‍රාන් මෙන් තව තවත් දැඩි ලෙස විකෘතිවීම් සහිත එන්නත් ප්‍රතිරෝධි මාදිලි ඇතිවීම වැළැක්විය නොහැකි යැයි මේ විශේෂඥයෝ පෙන්වා දෙති.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01