2021 දෙසැම්බර් 04 වන සෙනසුරාදා

ජනවාරියේ සිට දෙසැම්බර් තෙක් ගෑස් අනතුරු 191ක්

 2021 දෙසැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 53

ආරක්ෂක වාර්තාකරු l

නවතම පොලිස් වාර්තා අනුව පසුගිය දෙවැනිදා පමණක් රට පුරා ගෑස් අනතුරු 60ක් සිදුවී ඇති බව පොලීසිය සඳහන් කරයි. 

ඉන් තුවාල සිදුවීම් 2ක්, ගෑස් කාන්දුවීම් 26ක්, ලිපේ මතුපිට පුපුරායාම් 1, රෙගියුලේටරයට හානි වීම් 1 වශයෙන් වාර්තා වන බව සඳහන් වේ. එසේම 2021 ජනවාරි 1දා සිට දෙසැම්බර් 02 වැනිදා දක්වා ගෑස් අනතුරු 191ක් වාර්තා වී ඇති බව පොලීසිය සඳහන් කරයි.

එම අනතුරු වන්නේ ගෑස් ලිප් පිපිරීමේ අනතුරු 89ක්, ගෑස් කාන්දුවීම් 73ක්, අධික තාපය නිසා 04ක්, ගෑස් බටයට හානිවීම් 09ක් සහ ගෑස් සිලින්ඩර ගිනි ගැනීම් 05ක් ලෙසය. විශේෂයෙන්ම වසර තුළ මරණ තුනක්ද තුවාල සිදුවීම් 14ක්ද, දේපළ හානිවීම් 04ක් වශයෙන් වාර්තා වී ඇති බව පොලීසිය සඳහන් කරයි.