2021 දෙසැම්බර් 04 වන සෙනසුරාදා

පොහොට්ටුවේ තීරණාත්මක හමුවක්: තනිවම රැස්වෙයි

 2021 දෙසැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 60

I දේශපාලන වාර්තාකරු

රටේ පවත්නා ගැටලු සහ ආණ්ඩුව අභ්‍යන්තරයේ හටගෙන තිබෙන ව්‍යාකූල මත ගැටුම් සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් මෙම සති අන්තයේ අරලිය ගහ මැඳුරේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීන්දු කර තිබේ.

ඒ සඳහා සහභාගී වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීන් පමණි. කිසිදු හවුල්කාර පක්ෂයක මන්ත්‍රීවරයකුට හෝ අමාත්‍යවරයකුට එයට ආරාධනා කර නැතැයි නෙළුම් මාවත ආරංචි මාර්ග සඳහන් කරයි.

විශේෂයෙන් ආණ්ඩුව තුළ සිටින හවුල්කාර පක්ෂ විසින්ම රජය විවේචනය කිරීමේදී ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය ගැන මෙම හමුවේදී මූලික අවධානය යොමු කෙරෙනු ඇතැයි වාර්තා වෙයි. එසේම ආණ්ඩු පක්ෂයේ ඇතැමුන් ආණ්ඩුව තුළ සිටිමින් වෙනම කල්ලි කණ්ඩායම් ගොඩනැගීමට දරන උත්සාහයක් සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය දැක්වෙන බව සඳහන්ය.