2021 දෙසැම්බර් 04 වන සෙනසුරාදා

කොවිඩ් රෝගීන් යළිත් වැඩිවෙයි

 2021 දෙසැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 57

I ගයාන් ගාල්ලගේ

කොවිඩ් මධ්‍යස්ථාන තුළ රෝගීන් වාර්තා වීම 25% සිට 40% දක්වා වර්ධනය වීමක් සිදුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ කොවිඩ් 19 සම්බන්ධීකාරක සහ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා දේශයට පැවසීය.

එසේම කොවිඩ් රෝහල් නොවන රෝහල් තුළ කොවිඩ් රෝගීන් වාර්තා වීමද 10%කින් ඉහළ ගොස් ඇතැයි හෙතෙම සඳහන් කළේය.

අලුත් අවුරැදු පොකුරෙන් පසුව රට විවෘත කරන විට කොවිඩ් මධ්‍යස්ථාන තුළ රෝගීන් සිටියේ 20%ත් 25%ත් අතර සංඛ්‍යාවක් බව ඒ මහතා කීය. එහෙත් වර්තමානය වනවිට සැලකියයුතු මට්ටමින් රෝගීන් වර්ධනය වීමක් දැකිය හැකි බවද වෛද්‍ය අන්වර් හම්දානි මහතා සඳහන් කළේය.

ඒ නිසා එන්නත් ලබාගත්තද ජනතාව ඒකරාශීවන ස්ථාන සඳහා නොයෙන ලෙසට තමන් ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා පැවසීය.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00