2021 දෙසැම්බර් 04 වන සෙනසුරාදා

කෙටි කෑම බිස්නස් බහී

 2021 දෙසැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 47

I යසවර්ධන රුද්රිගූ

කෙටි කෑම ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 5කින් වැඩි කළ පසු ඒවායේ අලෙවිය සියයට 5ත් 10ත් අතර ප්‍රමාණයකින් අඩුව ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එම්.කේ. ජයවර්ධන දේශයට පැවසීය.

ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල මෙවර රුපියල් 10කින් වැඩි කරන්නට සිදුවුවද පාන් ගෙඩියක උපරිම බර ග්‍රෑම් 400 දක්වා අඩු කරන්නේ නම් මෙම වැඩි කළ රුපියල් 10 යළි අඩු කළ හැකි බව ඔහු සඳහන් කළේය. ප්‍රධාන බේකරි කිහිපය හැරුණුවිට දැනට සෙසු බේකරිවලින් නිෂ්පාදනය කරන පාන් ගෙඩියක මිල ග්‍රෑම් 400 හෝ එයට පහළ වන බව ඔහු පෙන්වා දෙයි. මෙලෙස සම්මත උපරිම බර ග්‍රෑම් 400 වුවහොත් දැනටමත් අඩු බර පාන් අලෙවි කරන්නන්ද මෙමගින් ආවරණය වන බව ඔහු කියයි.

පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල අකැමැත්තෙන් වුවද වැඩි කරන්නට සිදු වූයේ පාන්පිටි ඇතුළු සෙසු අමුද්‍රව්‍යවල මිල අසාමාන්‍ය ලෙස ඉහළ යාම නිසා බව ඔහු වැඩිදුරටත් කීය. ඔහු කියා සිටියේ අනෙකුත් සෑම ආහාර ද්‍රව්‍යයකම පාහේ සම්මත උපරිම මිල ඉවත් කර තිබියදී පාන්වලට පමණක් උපරිම මිලක් පැනවීම අසාමාන්‍ය සිද්ධියක් වන බවය.

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 02:00