ඩොලර් කෝටි 20ක් මහ පාරේදී විනාශ වෙයි
වාර්ෂිකව මෙරටට ආනයනය කරන ඉන්ධන වලින් 5% (සියයට පහක්) වාහන තදබදය නිසා මහමාර්ගවලදී දැවී අපතේ යන බව බලශක්ති අමාත්‍යංශය පවසයි. මෙලෙස අපතේ යන ඉන්ධනවල වටිනාකම ඩොලර් කෝටි 20ක් නැතිනම් ඩොලර් මිලියන 200කි. එහි රුපියල් වටිනාකම රුපියල් කෝටි 4000ක් හෙවත් රුපියල් බිලියන 4කි.
“සූම්” එකෙන් බදු අයකරන්න සැරසෙයි
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නව බදු ලිපිගොනු විවෘත කිරීම සහ ආදායම් වාර්තා පිරවීම ආදී කටයුතුවලට ‘Zoom’ තාක්ෂණය යොදා ගැනීමට තීන්දු කර ඇත. ලබන වසරේදී රාජ්‍ය ආදායම 14%කින් ඉහළ නංවා ගැනීම සඳහා මෙලෙස නව තාක්ෂණය උපයෝගී කරගන්නේ කොවිඩ් වසංගතය මධ්‍යයේ එකී රජයේ ආදායම් ඉලක්ක සපුරා ගැනීම පිණිසය.
මානව හිමිකම් කොමිසමේ සභාපති පුටුව හිස්
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති ධුරය දැරූ ආචාර්ය ජගත් බාලසූරිය මහතා ඉල්ලා අස්වීම නිසා එම සභාපති ධුරය පුරප්පාඩු වී තිබේ. එසේම මානව හිමිකම් කොමිසමේ සාමාජිකත්වය දැරූ හර්ෂ කුමාර නවරත්න මහතා කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස පත්ව යාම නිසා සාමාජික ධුරයක්ද පුරප්පාඩුව පවතී. මෙම තනතුරු දෙකම ළඟදීම පිරවීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග කියයි.