2021 නොවැම්බර් 27 වන සෙනසුරාදා

ත්‍රිමලේ තෙල් ටැංකි 3ක් රුපියල් 50ට බදුදීලා

 2021 නොවැම්බර් 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 136

I දේශපාලන වාර්තාකරු

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණයේ ඇති තෙල් ටැංකි 99න් 3ක් වසරකට රුපියල් 50/-ක බදු මුදලකට ප්‍රිමා   සමාගමට පවරා දී ඇතැයි ඒ ගැන කළ විශේෂ විමර්ශනයකදී හෙළිදරව් වී ඇත.

මෙම අරුම පුදුම ගනුදෙනුව අනුව ප්‍රීමා සමාගම සහ රජය අතර අත්සන් කළ ගිවිසුමක් අනුව ඔවුනට ජලය ගබඩා කර ගැනීම සඳහා වසර 55ක කාලයට මෙම බදු දීම සිදු කර තිබේ.

රුපියල් 50/-ක මුදලට මෙම තෙල් ටැංකි බදු දීම සිදුකර ඇත්තේ වසර 2001 දීය. 2001 දී රුපියල් 50/- බැගින් ප්‍රීමා සමාගමට තෙල් ටැංකි තුනක් බදු දීමෙන් පසු වසර 2003 දී ඉතිරි තෙල් ටැංකිවලින් කොටසක් ඉන්දියාවට බදු දී ඇත්තේ එක් තෙල් ටැංකියක් වසරකට අමෙරිකානු ඩොලර් 1000කට (වත්මන් රැපියල් වටිනාකම අනුව රුපියල් ලක්ෂ දෙකක පමණ මුදලකට) මුදලකටය.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00