2021 නොවැම්බර් 27 වන සෙනසුරාදා

දිගින් දිගටම උද්ධමනය ඉහළට

 2021 නොවැම්බර් 27 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 60

දිගින් දිගටම උද්ධමනය ඉහළට

අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවන්හි මිල ගණන් ශීඝ්‍ර ලෙස ඉහළ යාම නිසා පසුගිය ඔක්තෝබර් මාසය අවසන් වන විට උද්ධමනය 8.3%ක් තරම් ඉහළ අගයකට වර්ධනය වී ඇති බව ජනලේඛන දෙපාර්තමේන්තුව පවසයි. එම සංඛ්‍යාව සැප්තැම්බර් මාසයේ වාර්තා කළ උද්ධමන අගය වූ 6.2%ට වඩා 2.1%ක ඉහළ යාමක් බවද වාර්තා වෙයි. මෙම ඉහළ යාමට ප්‍රධානම හේතුව ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යාම බවද සඳහන් වෙයි.

කෝටි තුනක බීඩි බීලා

ගතවූ වසරක කාලයක් තුළ මේ රට තුළ නිෂ්පාදිත බීඩි 3,13,48,500 (තුන්කෝටි දහතුන්ලක්ෂ හතළිස්අටදහස් පන්සීයක්) ජනතාවට අලෙවි කර ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුවේ නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. මෙරට ව්‍යාපාරික වශයෙන් බීඩි නිපදවන කර්මාන්ත ආයතන 30ක් මගින් මෙම බීඩි නිෂ්පාදනය කර ඇත.

අරක්කුවල ප්‍රමිතිය බලන්න යයි

අහඹු පරීක්ෂණ මගින් විවෘත වෙළෙඳපොළෙහි අලෙවි කරන මත්පැන්වල ප්‍රමිතිය පරීක්ෂා කළ යුතු බව රජයේ ගිණුම්කාරක සභාව ආණ්ඩුවට නිර්දේශ කර ඇත. දැනට සාමාන්‍යයෙන් සිදුවන්නේ මත්පැන් නිෂ්පාදකයන් විසින් ලබාදෙන සාම්පල් පරීක්ෂාව පමණි. එහෙත් දිනෙන් දින මත්පැන් ප්‍රමිතිය බාල බවට පැමිණිලි ලැබෙන බැවින් රජයේ ප්‍රමිති ආයතනය හා රසපරීක්ෂක දෙපාර්තමේන්තුව එක්ව විවෘත වෙළෙඳපොළ සහ තීරුබදු රහිත වෙළඳසල්වල අලෙවි කරන මත්පැන්වල ප්‍රමිතිය පරීක්ෂා කළ යුතු බව මෙම නිර්දේශයේ සඳහන්ය.