2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා

තෙල් මිල සූත්‍ර යෝජනාවට කබ්රාල්ගෙන් තල්ලුවක්

 2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 55

I ව්‍යාපාරික වාර්තාකරු

ඉන්ධන මිල ගණන් තීරණය කිරීමට තෙල් මිල සූත්‍රයක් ක්‍රියාත්මක කළ යුතු බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා දේශයට පැවසීය.

අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා මේ ගැන පසුගියදා අමාත්‍ය මණ්ඩලයට කර තිබූ යෝජනාව ගැන දේශය කළ විමසුමකදී මහ බැංකු අධිපතිවරයා මේ බව අවධාරණය කළේය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ කබ්රාල් මහතා පැවසුවේ මාස තුනකට වරක් ලෝක තෙල් මිල සලකා බලා මිල ගණන් ඉහළ යන විට මිල ඉහළ දැමීමත් මිල ගණන් පහළ යන විට මිල පහත දැමීමත් එම මිල සූත්‍රය මගින් සිදු කළ යුතු බවය. එවන් ක්‍රමයක් අනුගමනය නොකර එකවර මිල ගණන් ඉහළ දැමීමෙන් ජනතාවට දරන්නට වන දැඩි පීඩාව මගහරවා ගැනීමට මිල සූත්‍රය වැදගත් වන බවද අධිපතිවරයා කීය.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01